පැමිණිලිකරුට අයත් ඉඩමක මායිම් සැළැස්ම අනුමත කර දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 15,000/= ක මුදලක් අවස්ථා 03 කදී ලබාගෙන නැවතත් එම ඉඩමේ කට්ටි සැළැස්ම අනුමත කිරීමට ගොණුව සැළසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ, සැළසුම් නිළධාරියෙකු විසින් රුපියල් 40,000/= ක් වූ මුදලක් ඉල්ලා පසුව එම මුදල රුපියල් 15,000/= ක් දක්වා අඩුකර අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2018.04.04 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
අල්ලස් වශයෙන් රු.2000ක මුදලක් ලබා ගන්නා ලද වේයන්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතල වැඩ ඇතිව අවුරුදු දෙකක සිර දඬුවම්
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැමිණිලිකරු රැඳී සිටියදී පරීක්ෂා කර බලා නීති විරෝධී කටයුත්තක් සිදුකිරීමට පැමිණි බවට චෝදනා කර, ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට රු. 20,000/= ක මුදලක් ඉල්ලා, පැමිණිලිකරුගේ ජංගම දුරකථනය හා ජාතික හැඳුනුම්පත පොලිස් නිළධාරියා භාරයට ගෙන, පළමුව රු. 10,000/= ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගෙන පැමිණිලිකරුට ජාතික හැඳුනුම්පත හා ජංගම දුරකථනය නැවත ලබාදුන් අවස්ථාවේ කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් 74317 ගීකියනගේ නිලූක පෙරේරා යන අය අල්ලස් චෝදනාවක් යටතේ මෙම කොමිසන් සභාවේ නිළධාරීන් විසින් 2018.04.09 දින අත් අඩංඟුවට ගෙන ඇත.
2018.04.05 වන දින පැමිණිලිකාරියගේ ස්වර්ණභූමි ඔප්පුව සහිත ඉඩම කලක් ගොවිතැන් නොකිරීමෙන් වල් බිහිවී ඇති බැවින් එම ඉඩම සුද්ද පවිත්‍ර කර ගැනීම සඳහා අවසර ඉල්ලා යොමුකළ ලිපියට අනුමැතිය ලබා දීම සඳහා රු: 10,000/= ක මුදලක් ඉල්ලා පසුව එය රු : 5000/= දක්වා අඩුකර එම මුදල ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් ග්‍රාම නිළධාරීවරයෙකු අත් අඩංගුවට ගෙන ඇත.
සැනෝදා හර්බල් ප්‍රඩක්ට් ආයතනයේ 2018 වාර්ෂික බලපත්‍රය ලබා දීමට අදාල ගොනු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවට (යම් නිෂ්පාදනයක් දේශීය විදේශීය වශයෙන් අලෙවි කිරීම සඳහා සුදුසු බවට අනුමත කරන කමිටුව) ඉදිරිපත් කොට අනුමත කරවා දීම වෙනුවෙන් කමිටුවේ සාමාජිකයෙකු වන සහකාර නීති නිළධාරීවරයෙකු හා සූත්‍ර කමිටු සාමාජිකයෙකු ලක්ෂ 03 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලක්ෂ දෙක හමාරකට අඩු කොට ඉන් අත්තිකාරම් මුදලක් වශයෙන් රු 50,000/= ක් කොමිෂන් සභාවේ උපායදූත නිළධාරිණිය ඉදිරිපිටදී අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද තෙදින වටමේස සාකච්ඡාවක් 2018 මාර්තු මස 14,15 සහ 16 යන දින වලදී මෙම කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සමුළුව සඳහා රජයට අයත් ආයතන වල ජ්‍යේෂ්ඨ නිළධාරීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහභාගී විය.
සිය දූෂණය මැඩලීමේ ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට තබමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සංවිධානය කර තිබූ දෙදින වැඩමුළුව 2018 මාර්තු 12 හා 13 යන දිනයන්හිදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
පාසැලට ළමයෙකු ඇතුළත් කිරීමට විදුහල්පති විසින් රු.40,000/-ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගයේදී වරදකරු වේ.
පැමිණිලිකරු විසින් සීදූව පොලිස් ස්ථානයේ අපරාධ අංශය වෙත කරන ලද පැමිණිල්ල විභාගකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන පැමිණිලිකරුට වාසි වන පරිදි නීති මගින් කටයුතු කර දීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා අල්ලස් වශයෙන් රු.25 000/-ක මුදලක් ඉල්ලා ලබා ගැනීම සහ පැමිණිලිකරු භාරයේ තිබූ වොඩ්කා වර්ගයේ රට බීම බෝතලයක්ද සැකකාර නිලධාරියා පැමිණිලිකරුගෙන් ලබා ගන්නා අවස්ථාවේ දී 2018.03.13 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954