සුසැදි දෙසට හැරෙමු !

நேர்மையானதும் ஊழலற்றதுமானதேசத்தைநோக்கி !

Towards a Clean and Upright Country !

නවතම පුවත් හා පුවත්පත් නිවේදන

රු.129,600/- ක (රුපියල් එක්ලක්ෂ විසිනවදහස් හයසියය) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත අනුරාධපුර පණ්ඩුලගම යුධ හමුදා කඳවුරේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට

06-05-2026 හඳුනා ගැනීම් හා වැටලීම්

කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් මත සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, යුධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා සිටින පැමිණිලිකරු ලබාගෙන ඇති විශ්‍රාම ණය මුදල පියවීමට උදව් කළ හැකි බව පවසා, පැමිණිලිකරුගේ ණය මුදල් සම්බන්ධයෙන් විස්තර ලබාගෙන එම විස්තර...

තවදුරටත් කියවන්න

රු.200,000/- ක (රුපියල් ලක්ෂ දෙක) ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

06-05-2026 හඳුනා ගැනීම් හා වැටලීම්

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව 2026.04.19 දින පෑලියගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුහට නීති මඟින් කටයුතු නොකර, නිදහස් කිරීමට අල්ලස් වශයෙන් රු.200,000/- ක (රුපියල් ලක්ෂ දෙක) ක මුදලක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධව 2026.04.24 දින...

තවදුරටත් කියවන්න

මෝටර් රථ ප්‍රවාහනදෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අත්අඩංගුවට

29-04-2026 පුවත්

නීත්‍යානුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ වර්තමානයේ බත්තරමුල්ල, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු...

තවදුරටත් කියවන්න

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට

28-04-2026 පුවත්

කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, නීති නිලධාරී වශයෙන් කටයුතු කරමින් මෙඩි හවුස් නැමැති ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බදු පදනම ලබා ගැනීමෙන් පසුව, එයට අදාළ බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට බදු ගිවිසුම් 03ක් සකස් කිරීම...

තවදුරටත් කියවන්න

අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්

28-04-2026 පුවත්

වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීම සම්බන්ධව 2009 සැප්තැම්බර් මස 02 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද ලිඛිත පැමිණිල්ලකට අනුව, ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධ‌යෙන් කොළඹ මහාධිකරණයේ...

තවදුරටත් කියවන්න

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඉහල මැදගම ගමගේ පියසේන යන අය අත්අඩංගුවට

22-04-2026 පුවත්

කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත, බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහිරව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස බලතල අයුතු ලෙස භාවිතා කරමින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් සුළු...

තවදුරටත් කියවන්න

රු.30,000/- (රුපියල් තිස්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ ගණකාධිවරයෙකු සහ කළමණාකරණ සහකාරවරයෙකු අත්අඩංගුවට

22-04-2026 හඳුනා ගැනීම් හා වැටලීම්

මුලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳ ඇතිරිලි සෝදා පවිත්‍ර කිරීම සඳහා ලබා‌ගෙන ඇති ටෙන්ඩරයට අදාළව මාර්තු මසට අයවිය යුතු ගාස්තුව සඳහා ලබාදිය යුතු චෙක්පත නිදහස් කිරීම සඳහා රු.30,000/- (රුපියල්...

තවදුරටත් කියවන්න

අරක්කු බෝතලයක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, ධර්මපූරම් පොලිස් ස්ථානයේ , පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

12-04-2026 හඳුනා ගැනීම් හා වැටලීම්

කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් මිල දී ගත් නව යතුරු පැදිය 2026.04.08 වන දින අංක තහඩු නොමැතිව ධාවනය කිරීමේ වරදට සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීමේ වරදට නීති මඟින් කටයුතු නොකර...

තවදුරටත් කියවන්න

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට

09-04-2026 පුවත්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත කාර්යය මණ්ඩලය ඉක්මවා සේවකයින් 06 දෙනෙකු බඳවා ‌ගෙන එම සේවකයින් එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ පුද්ගලික කාර්යය මණ්ඩලය සම්පූර්ණව තිබිය දී නීත්‍යනුකූල නොවන ලෙස අනුයුක්ත කර සංස්ථාව...

තවදුරටත් කියවන්න

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා දූෂණ චෝදනාව මත අත්අඩංගුවට

09-04-2026 පුවත්

නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව විසින් අනුගමනය කළ යුතු ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු පනතේ 21 වගන්තිය...

තවදුරටත් කියවන්න

මධ්‍යගත ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම

09-04-2026 පුවත්

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026 මාර්තු 31 දින ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීම 2026 මාර්තු මස 31 දින පෙරවරු 10.00ට...

තවදුරටත් කියවන්න

රු.45,000/- ක (රුපියල් හතළිස්පන්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, තැරැව්කරුවෙකු අත්අඩංගුවට

07-04-2026 හඳුනා ගැනීම් හා වැටලීම්

නෝවුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකරු ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ඔප්පුවක් හෝ බලපත්‍රයක් නොමැතිව පැමිණිලිකාරිය පදිංචිව සිටින ඉඩමට ඔප්පුවක් සාදා දෙන බව පවසා, වරින්වර රු.275,000/- ක් ලබා ගෙන ඉඩම පිහිටි නෝවුඩ් වසම...

තවදුරටත් කියවන්න

විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දූෂණ වරදට අත්අඩංගුවට

06-04-2026 පුවත්

රජයේ ඉඩමක් අධි ආදායම් පාන්තික තැනැත්තන් වෙත ගොවි පන්තිය යටතේ ලබා ගැනීම සඳහා ව්‍යාජ ලෙස ආදායම් සහතිකයක් තම ධූරය ප්‍රකාරව නිකුත් කිරීමෙන් රජයට රු.10,625,000/- ක මුදලක පාඩුවක් සිදු කිරීමෙන් හා බාහිර පාර්ශ්වයකට අර්ථ ලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් සැලසීම තුළින්...

තවදුරටත් කියවන්න

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය ප්‍රකාශකයන් සදහා විවෘත කිරීම

06-04-2026 පුවත්

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026.03.31 දිනප්‍රකාශකයන් සඳහා විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කටයුතු සූදානම්...

තවදුරටත් කියවන්න

රු.50,000/- ක (රුපියල් පනස්දහස) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, මොණරාගල ප්‍රාදේශීය සභාවේ, ආදායම් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

06-04-2026 හඳුනා ගැනීම් හා වැටලීම්

මොණරාගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, මොණරාගල ප්‍රාදේශීය සභාව මඟින් ටෙන්ඩර් ක්‍රමයට ලබා දී ඇති ගවමස් වෙළඳසැල සහ පොදු වැසිකිළිය පිරිසිදුව හා නිසි ක්‍රමවේදයට අනුව, පවත්වාගෙන නොයන බව දන්වා එම ස්ථාන මුද්‍රා නොකර නඩු...

තවදුරටත් කියවන්න

රු.4,000/- ක (රුපියල් හාරදහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, අක්කරපත්තුව පොලිස් ස්ථානයේ (රථ වාහන අංශය) පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

28-03-2026 හඳුනා ගැනීම් හා වැටලීම්

අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් පදවන යතුරු පැදියෙන් ඔහුගේ මව වැටී සිදු වූ රිය අනතුරු සම්බන්ධව 119 පැමිණිල්ලක් ලැබී ඇති බව පවසා, මවගේ ප්‍රකාශයක් ලබාගෙන ඒ සඳහා නීති මඟින් කටයුතු සිදු නොකර...

තවදුරටත් කියවන්න

මෝටර් රථ ප්‍රවාහනදෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් 03 දෙනෙකු අත්අඩංගුවට

28-03-2026 පුවත්

ව්‍යාජ ආකාරයට මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද නිලධාරින් 03 දෙනෙකු 2026.03.26 දින පෙ.ව 09.05 ත් පෙ.ව 09.25ත් අතර කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන...

තවදුරටත් කියවන්න

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහා වූ අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන

24-03-2026 නිවාරණ පුවත්

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහනක්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වනු ලැබිය. එම වැඩසටහන පසුගිය 2026 පෙබරවාරි මස 20 වන දින මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ...

තවදුරටත් කියවන්න

නාගරික සංවර්ධන අධිකාරියේ, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට

24-03-2026 පුවත්

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව, කොළඹ නගරය තුළ අඩු පහසුකම් යටතේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා නිවාස සංකීර්ණ ඉදිකර නිවාස ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන ලද නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය - කොළඹ නගරය මඟින් ඉදි කරන ලද...

තවදුරටත් කියවන්න

ශ්‍රී ලංකා රේගුවේ මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින රේගු අධිකාරීවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට

24-03-2026 පුවත්

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම අපහරණ අංශය මගින් සිදුකරන ලද විමර්ශනයකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට ආහාර හා ඖෂධ පරීක්ෂක විසින් නිර්දේශ කරන ලද ෆාම් ඔයිල් අඩංගු බහාලුම් 05 ක් රේගු ආඥා පනතේ 109 වගන්තිය පරිදි විනාශ කිරීම සඳහා නියෝග...

තවදුරටත් කියවන්න

රු.50,000/- ක (රුපියල් පනස්දහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත සිවිල් පුරවැසියන් දෙදෙනෙකු අත්අඩංගුවට

20-03-2026 හඳුනා ගැනීම් හා වැටලීම්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ පුතාගේ නමින් ලියාපදිංචි හෝටලයේ මුදල් අයකැමිට විරුද්ධව ආහාර පනත යටතේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවන්ව සිටිමින් එම නඩුවේ විත්ති පාර්ශ්වයට වාසියක් වන පරිදි කටයුතු සිදුකර දීම...

තවදුරටත් කියවන්න

රු.10,000/- ක (රුපියල් දසදහස) ක අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

20-03-2026 හඳුනා ගැනීම් හා වැටලීම්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ටෙන්ඩරයක් මත ලබාගෙන, සතියේ බදාදා සහ සෙනසුරා දින වලදී පවත්වාගෙන යනු ලබන රාගම පොළභූමිය තුළ ඇති මාර්ගවල වෙළඳාම් කිරීමටත්, එම මාර්ගවල රථවාහන ගාල් කර...

තවදුරටත් කියවන්න

අල්ලස් ඉල්ලා, ලබාගැනීමේ චෝදනා මත දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සිව්දෙනෙකු සහ සිවිල් පුරවැසියෙකු අත්අඩංගුවට

20-03-2026 හඳුනා ගැනීම් හා වැටලීම්

මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සිව්දෙනකු සහ සිවිල් පුරවැසියෙකු අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2026.03.17...

තවදුරටත් කියවන්න

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා පැවැත් වූ නිවාරණ වැඩසටහන

17-03-2026 නිවාරණ පුවත්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළුවක් 2026 පෙබරවාරි මස 12 වන දින වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර අභ්‍යන්තර කටයුතු ඒකකයට සම්බන්ධ නිලධාරීන් ඇතුළු 200ක් පමණ වන කාර්‍යය මණ්ඩලය ඒ සඳහා...

තවදුරටත් කියවන්න
english-logo.jpg
පැමිණිල්ල කවර වර්ගයකට අයත් වන්නේ ද යන්න නොසලකා ඉදිරිපත් කරන්න. කළමණාකාරීත්වය විසින් එය නිසි වර්ගීකරණයට ලක් කරනු ඇත.  අවශ්‍ය නම් FAQ බලන්න.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීම්

තොරතුරු දැනගැනීමේ නිළධාරියා

ඩයනා කොඩිතුවක්කු මෙනෙවිය
සහකාර අධ්‍යක්ෂ (නීති)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,
අංක 36, මලලසේකර මාවත, කොළඹ 07
112502653 | 112595045 | rti@ciaboc.gov.lk

නම්කළ නිළධාරියා

මයුරි උඩවෙල මහත්මිය
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අංක 36, මලලසේකර මාවත, කොළඹ 07
112581602 | 112595045 | mrkudawela@gmail.com

2026.01.01 දින සිට 2026.03.31 දින දක්වා කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි සංඛ්‍යාව

0

ලද පැමිණිලි

2025 ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා ප්‍රගති වාර්තාව

නවතම වීඩියෝව

ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න

බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම වසර 10ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව කරුණාවෙන් සලකන්න.

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search