ක්වාසි විනිසුරුවන් ගේ සංසදයෙහි ක්වාසි විනිසුරුවන් සඳහා පවත්වන ලද නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකා ක්වාසි විනිසුරුවන් ගේ සංසදයේ සාමාජිකයන් ඉල්ලක කර ගනිමින් දූෂණ නිවාරණ වැඩසටහනක් 2024.07.07. වන දින පෙ. ව. 9.00 සිට ප.ව. 3.30 දක්වා දෙහිවල රෝස් වුඩ් සිලෝන් හෝටලයේ දී පවත්වන්නට යෙදුනි. මෙම වැඩසටහන ක්වාසි විනිසුරුවන් ගේ සංසදය විසින් සම් සම් ෆවුන්ඩේෂන් ආයතනයේ මූලිකත්වයෙන් සංවිධානය කල අතර ඒ සඳහා ක්වාසි විනිසුරුවන් ගේ මණ්ඩලයේ සභාපති ගරු. එම්. එන්. එම්. බිෂ්රුල් අමීන් මහතා, සම් සම් ෆවුන්ඩේෂන් ආයතනයේ සභාපති අෂෙයික් මුෆ්ති යූසුෆ් හනීෆා මහතා සහ ක්වාසි විනිසුරුවන් ගේ මණ්ඩලයේ සාමාජිකයින් හා ක්වාසි විනිසුරුවන් ගේ සංසදයේ සාමාජිකයන් ද නීතිඥ අම්හර් ෂෙරීෆ් මහතා ද ඉෆ්හාම් යෙහියා මහතා ද අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (නීති) එස්. එම්. සබ්රි මහතා ද සහභාගී විය. මෙහි දී එස්. එම්. සබ්රි මහතා විසින් “සුපිලිපන්න දේශයක් කරා- අල්ලස හා දූෂණය තුරන් කිරීම” යන මැයෙන් දේශනයක් පවත්වමින් දූෂණ විරෝධී නීතිය පිලබඳ ව හඳුන්වා දීමක් සිදු කලේය. ඉන් අනතුරුව, අෂෙයික් මුෆ්ති යූසුෆ් හනීෆා මහතා සභාව අමතමින් ක්වාසි විනිසුරුවරුන් ගේ වගකීම ඉස්ලාමීය දෘෂ්ඨිකෝණයෙන් විස්තර කල අතර වක්ෆ් මණ්ඩල සාමාජිකයින් ද සභාව අමතන ලදි. මෙම වැඩසටහන සඳහා ක්වාසි විනිසුරුවරුන් 57 දෙනෙකු සහභාගී විය.

46 1

46 1

46 1

46 1

46 1

46 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search