අප ගැන

17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 1994 අංක 19 දරණ පනතින් 1994 වසරේදී අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ස්ථාපනය කරන ලදී. අල්ලස් පනත සහ 1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ හා ඊට අදාල වෙනත් කරුණු සම්බන්ධයෙන් වන වැරදි සඳහා නඩු පවරන ලෙස විධානය කිරීමට හා ස්ථිර අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව (CIABOC) පිහිටුවීම පිණිස එම පනතින් ප්‍රතිපාදන සපයන ලදී. වර්තමානයේදී එය අල්ලස හෝ දූෂණය මැඩලීම සඳහා වන ස්වාධීන ව්‍යවස්ථාමය ආයතනය වන්නේය.

ප්‍ර‍ථම කොමිෂන් සභාව 1994 දෙසැම්බර් 15 දින තම වැඩ කටයුතු ආරම්භ කරන ලදී. මෙම කොමිෂන් සභාව සාමාජිකයින් 03 දෙනෙකුගෙන් සමන්විත වියයුතු අතර ඔවුන් අතරින් සාමාජිකයින් දෙදෙනෙකු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන් විය යුතු අතර එක් සාමාජිකයෙකු අපරාධ විමර්ශනයට හා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පුලුල් පළපුරුද්දක් ඇති අයෙකු විය යුතුය.

අල්ලස් කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු පිණිස ‍එහි සාමාජිකයින් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන අතර විෂමාචාරය හා නොහැකියාව යන කරුණු මත එම සාමාජිකයින් ධූරයෙන් පහ කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණි. වසර 5ක කාලයක් ඔවුන් තම ධූරය දරණ අතර එම කොමසාරිස්වරුන් නැවත පත්කිරීම සිදුකළ නොහැක. පරිපාලන කාර්යයන් හැරුණු විට මෙම කොමිෂන් සභාව කිසිදු අමාත්‍යංශයක් හෝ දෙපාර්තමේන්තුවක් යටතට අයත් නොවන අතර එහි කොමසාරිස්වරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබයි. ඔවුනගේ වැටුප් ගෙවනු ලබන්නේ ඍජුවම ඒකාබද්ධ අරමුදලෙනි.


පනත මඟින් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත. අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කොමිෂන් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිළධාරියා හා පරිපාලන නිළධාරියා වන අතර පැමිණිලි මෙහෙයවන නිළධාරීන් හා විමර්ශන නිළධාරීන් වෙත අවශ්‍ය සම්පත් සැපයීම ඔහුගේ වගකීම වේ.


මෙම කොමිෂන් සභාව නීති, ලේකම්, විමර්ශන, පාලන හා මුදල් යන අංශ වලින් සමන්විතය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ නීති නිළධාරීන් බඳවා ගැනීම සඳහා මෙම කොමිෂන් සභාව විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලබයි. නීති නිළධාරීන් පත්කිරීමේ බලධරයා හා විනය බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු වේ.


විමර්ශන නිළධාරීන් ශ්‍රී ලංකා පොලීසියෙන් ද්විතීයනය කර ඇති අතර ඔවුන් කොමිෂන් සභාවේ බලයලත් නිළධාරීන් වේ. කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ මත පමණක් විමර්ශන හා පැමිණිලි මෙහෙයවීම් කටයුතු සිදුකරනු ලැබේ. කෙසේ වෙතත් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු වස් විමර්ශන නිළධාරීන්ද කොමිෂන් සභාවේම සේවකයින් වීම අවශ්‍ය වේ.


ඊට අමතරව කොමිෂන් සභාව සඳහා ගණකාධිකාරීවරුන්, මිනින්දෝරුවරුන්, තාක්ෂණ විශේෂඥයින් ආදී විශේෂිත කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට හා විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවීම වැනි කාර්යයන් සඳහා අවධානය යොමු වී ඇත.


අල්ලස් හෝ දූෂණ වෝදනා කොමිෂන් සභා පනතේ 5 වන වගන්තිය යටතේ බැංකු ගිණුම් තහනම් කිරීම හා විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීම වැනි විශේෂ විමර්ශන බලතල කොමිෂන් සභාව වෙත ලබාදී ඇත. සද්භාවයෙන් යුතුව සිදුකරන කිසිදු හෝ නීතිමය කාර්යන්ගෙන් කොමසාරිස්වරු නිර්මුක්ත වන්නේය.(අල්ලස් හෝ දූෂණ වෝදනා කොමිෂන් සභා පනතේ 19(1) වගන්තිය).


නියෝග පැනවීම සඳහා කොමිෂන් සභාව සතු වන බලය අල්ලස් දූෂණ හා වත්කම් හා බැරකම් නීති යන පුළුල් පරාසයක විහිද පවතී.

   

අපි

විමර්ශන කිරීම

නඩු පැවරීම

වැළැක්වීම

සඳහා කටයුතු කරන්නෙමු.

කොමිෂන් සභාවේ තනතුරු දැරූවෝ....

පළමු කොමිෂන් සභාව 1994 දෙසැම්බර් 15 දින පත් කරන ලදී.

පළමු කොමිෂන් සභාවේ සාමාජිකයින් (1994.12.15 – 1999.12.14)

  • විනිසුරු ටී.අ.ඩී.එස් සිල්වා - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු  - සභාපති.
  • විනිසුරු සිව සෙල්ලයියා - විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු -1997.1.09 දින අභවප්ප්‍රාප්ත විය.
  • සී. විජේසූරිය මහතා - විශ්‍රාමික රජයේ විගණකාධිපති - සාමාජික - 1995.07.13 දින ඉල්ලා අස්විය.
  • රුද්‍රා රාජසිංගම් මහතා - විශ්‍රාමික පොලිස්පති - 1995.07.14 දින පත් කරන ලදී.

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search