වාරියපොල ප්රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු තම බොලෙරෝ වර්ගයේ කැබ් රථය රියදුරු බලපත්රය නොමැතිව සහ තවත් රථවාහන වැරදි කිහිපයක් කරමින් ධාවනය කිරීමේ රථවාහන වැරදිවලට නීති මඟින් කටයුතු නොකර සිටීම වෙනුවෙන් මත්පැන් බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීම සඳහා අල්ලස් ලෙස රු.3,000/- (රුපියල් තුන්දහසක) මුදලක් ඉල්ලා ලබාගැනීම හා එම මුදල ඉල්ලීම හා ලබාගැනීමට ආධාර අනුබල ලබාදීම යන චෝදනා මත පිටකොටුව පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි යටතේ හදිසි ඇමතුම් අංශයට සහ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්තව - යෙදී සිටින පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.11.30 වන දින ප.ව.6.08 ට සහ ප.ව.6.10 පමණ ගුණසිංහපුර හන්දියේ පිළිරුව අසල රථවාහන කුටිය තුළ දී අත්අඩංගුවට ගන්නා ලදී.







