කොමිෂන් සභාව වෙත යොමු කරන ලද පැමිණිලිවලට අනුව, 2025.05.29 වන දින යාපනය සහ කින්යා ප්රදේශවල දී සිදු කරන ලදි වැටලීම්වල දී ග්රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒවායේ තොරතුරු පහත පරිදි වේ.
- යාපනය ප්රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු පදිංචි ඉඩමේ පොල් ගස් 3ක් කපා ඉවත් කර ගැනීමට යාපනය ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දුන් අයදුම් පත්රය අත්සන් කර දීම සඳහා 128 GB පෙන්ඩ්රියිව් එකක් (වටිනාකම රු.4,000/-) පැමිණිලිකරුගෙන් අල්ලස් ලෙස ලබා ගැනීම යන චෝදනාව මත යාපනය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ග්රාම නිලධාරිවරයෙකු (යාපනය නගරය - නැගෙනහිර) පෙ.ව.11.27 ට පමණ අදාල ග්රාම නිලධාරි කාර්යාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු යාපනය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
- කින්යා ප්රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කර ලද පැමිණිල්ලකට අනුව, වලංගු රියදුරු බලපත්රයක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පැමිණිලිකරුගේ පුතාට ඒ සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහාත්, රියදුරු බලපත්රයක් නොමැතිව පුතා හට යතුරු පැදිය ලබා දීම සම්බන්ධයෙන් පැමිණිලිකරු හට නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහාත් අල්ලස් වශයෙන් රු.10,000/- (රුපියල් දසදහසක) මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කින්යා පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු ප.ව.3.52 ට පමණ කින්යා බුහාරි හංදිය අසල දී අත්අඩංගුවට ගනු ලැබූ අතර, සැකකරු කින්යා මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.