වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම - 2025

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත බලාත්මක වීමත් සමඟ, එහි II වන කොටස යටතේ වූ වත්කම් හා බැරකම් ප්‍රකාශ පිළිබඳ මධ්‍යම අධිකාරිය වශයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ක්‍රියාකරනු ලැබිය යුතු බවත්, එම කාර්යය සඳහා කොමිෂන් සභාව විසින් එම පනත යටතේ මධ්‍යම අධිකාරිය වශයෙන් බලතල ක්‍රියාත්මක කිරීම, කාර්යය ඉටු කිරීම සහ කර්තව්‍ය කිරීම සිදු කරනු ලැබිය යුතු බවත් දක්වා ඇත.

ඒ අනුව, නව පනත යටතේ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික ඉදිරිපත් කිරීමේ පද්ධතියක් තුළින් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම හා සත්‍යායනය කිරීම බලාත්මක කරන තෙක්, වත්කම් හා බැරකම් ප්‍රකාශ මුද්‍රිත ආකෘතිය මඟින් ඉදිරිපත් කිරීම සඳහා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80 වගන්තියේ සඳහන් සෑම තැතැත්තෙකුම වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිදු කරනු ලැබිය යුතු අවස්ථා පනතේ 82 (1) , (2) හා (3) උප වගන්තිවල දක්වා ඇති අතර, නියෝග මඟින් නියම කළ ආකෘතියට අනුව ඉදිරිපත් කළ යුතු බව දක්වා ඇත. මෙම ආකෘතිය, 2025.03.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2428/43 මඟින් පළකර ඇත.

මීට අදාළ ගැසට් පත්‍රය, චක්‍රලේඛය, ඩිජිටල් ආකෘතිය, එය සම්පූර්ණ කිරීම සඳහා මාර්ගෝපදේශය සහ අදාළ ඇමුණුම් කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ (https://www.ciaboc.gov.lk/declaration-of-assets-v/circular) මේ වන විටත් උඩුගත කර ඇත.

ඒ අනුව, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ “වාර්ෂික ප්‍රකාශය” සිදුකළ යුතු සියලුම තැනැත්තන්ගේ 2025.03.31 දිනට ඔහුගේ / ඇයගේ වත්කම් හා බැරකම් 2025.06.30 දින වන විට හෝ ඊට ප්‍රථම එම ප්‍රකාශ සිය ආයතන ප්‍රධානීන් වෙත භාරදිය යුතු අතර, ආයතන ප්‍රධානීන් විසින් දී ඇති උපදෙස් අනුගමනය කරමින් හා අදාල ඇමුණුම් වල දක්වා ඇති ආකෘතින් සම්පුර්ණකර, එම ප්‍රකාශ සහ තොරතුරු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කල යුතුය.

මීට අමතරව, ආයතන ප්‍රධානීන් විසින් 2025.06.30 දින වන විට, වාර්ෂිකව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබාදුන් සහ නොදුන් නිලධාරීන්ගේ නාම ලේඛනයක්, 2025.07.01 දින කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් හෝ විද්‍යුත් තෑපැලෙන් හෝ ෆැක්ස් මඟින් ලබා දිය යුතු අතර එසේ තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ, දී ඇති කාලසීමවාන් තුලදී ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන් සඳහා පනතේ 90 වගන්තිය ප්‍රකාරව කටයුතු කරනු ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search