වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට, රණවිරු පදනම යටතේ නිවසක් සාදා ගැනීමට මහවැලි අධිකාරිය හරහා, ඇතුගල ප්‍රදේශයේ ලබා දී ඇති පර්චස් 20ක ඉඩම වගුරු බිමක් සහිත නිසා වෙනත් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස කරන ලද නැවත ඉල්ලීම අනුව, මහවැලි අධිකාරියෙන් වෙනත් ඉඩම් කොටසක් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දී බලපත්‍රය ලබා දීමට උදව් කිරීම සඳහා රු.20,000/-ක (රුපියල් විසිදහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාව මත මහවැලි අධිකාරියේ සේනපුර කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට අනුයුක්තව සඳුන්පිටිය ඒකක කළමනාකරණ කාර්යාලයේ ඒකක කළමනාකරු 2025.05.21 වන දින මධ්‍යහන 12.03ට පමණ සඳුන්පිටිය මහවැලි ඒකක කළමනාකරණ කාර්යාලය තුළ දී තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම - 2025
මැයි 22 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025