හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක සහ ලංකා සතොස සමාගමේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු මහතාට වසර 25 ක සිර දඬුවම් නියම කෙරේ.

ක්‍රීඩා අමාත්‍යංශය මඟින් තෝරාගනු ලැබූ පාසල් සහ ක්‍රීඩා සමාජ අතර බෙදා දීම සඳහා යැයි හඟවමින්,  2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ ආණ්ඩු පක්ෂයේ, පක්ෂ කාර්යාලවලට බෙදාහැරීම සඳහා ලංකා සතොස සමාගම හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිල දී ‌‌ගෙන ආණ්ඩු පක්ෂයේ, පක්ෂ කාර්යාලවලට බෙදාදීම තුළින් රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් රජයට සිදු කරමින් “දූෂණය”  නැමැති වරද සිදු කිරීම හේතුවෙන් එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම‌ගේ මහතාට සහ ලංකා සතොස සමාගමේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව 2025.05.29 වන දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිර දඬුවම් නියම කරන ලදි.

ඒ අනුව, හිටපු ක්‍රීඩා  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම‌ගේ මහතාට බරපතළ වැඩ සහිත වසර 20 සිරදඬුවම් සහ එවකට ලංකා සතොස සමාගමේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 25ක සිරදඬුවම් සමඟ වරදකරු කරන ලද එක් එක් චෝදනාවන්ට රු.100,000/- (රුපියල් ලක්ෂය)  බැගින් දඩ මුදල් නියම කරන ලදි.

මෙම නඩුවේ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ  ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය විසින් මෙහෙයවන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search