විමර්ශන

කොමිෂන් සභාවේ මූලික කාර්ය භාරය වන්නේ අල්ලස හෝ දූෂණය මැඩපැවැත්වීමේ නීති බලාත්මක කිරීමයි. 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය මගින් තම අභිමතය පරිදි අල්ලස් හෝ දූෂණ සඳහා විමර්ශන ආරම්භ කිරීමේ බලය කොමිෂන් සභාව වෙත ලබාදී ඇත.


පැමිණිලි හා චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් හා සක්‍රීය ලෙස විමර්ශන සිදුකිරීම තම මූලික වගකීමක් ලෙස කොමිෂන් සභාව විසින් සලකනු ලබයි. මෙම  කොමිෂන් සභාව ඒ සඳහා ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් තම කටයුතු සිදුකරනු ඇත. වර්තමානය වන විට අල්ලස හා දූෂණය වඩා සංකීර්ණව සිදුවන බැවින් එම සංකීර්ණත්වය හා තරඟ කිරීම සඳහා විමර්ශන වලදී නව තාක්ෂණික ක්‍රමවේද භාවිතයට ගැනීමට කොමිෂන් සභාව බලාපොරොත්තුවෙන් සිටී. විමර්ශන වල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම හා අල්ලස හා දූෂණයට එරෙහිව ගෝලීය එකමුතුභාවයන් ශක්තිමත් කිරීම සඳහා ජාතික හා ජාත්‍යන්තර සංවිධාන සමග සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම වැදගත් වේ.අල්ලස් පනත යටතේ සිදුවන නීතිය ක්‍රියාත්මක කිරීම් වර්තමානයේදී රාජ්‍ය අංශයට පමණක් සීමා වී පවතී.පෞද්ගලික අංශය පිළිබඳවද විමර්ශන හා නීතිය ක්‍රියාත්මක කිරීම් සිදුකිරීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කළ හැක්කේ කෙසේද යන්න පිලිබඳව කොමිෂන් සභාව තම අවධානය යොමු කරමින් සිටී.


පවතින අපරාධ යුක්ති ක්‍රියාවලිය අනුව අල්ලස හා දූෂණය සම්බන්ධ පැමිණිලි මෙහෙයවනු ලැබේ. වර්තමානයේ සිදුවන අල්ලස් හා දූෂණ අපරාධ වල සංකීර්ණත්වය පිළිබඳව කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇති අතර සාක්ෂිකරුවන් හා තොරතුරු සපයන්නන් ආරක්ෂා කිරීම සඳහා සක්‍රීයව කටයුතු කිරීම වැනි නවෝත්පාදක ක්‍රමවේදයන් භාවිත කිරීමටද අවධානය යොමු කොට ඇත. අල්ලස් හා දූෂණ පිළිබඳ පැමිණිලි වලට අදාලව නිරීක්ෂණ කටයුතු සක්‍රීයව සිදුකිරීම සඳහා කොමිෂන් සභාව විසින් ආවේක්ෂණ ක්‍රියාවලීන් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු  ඇත. සක්‍රීය නෛතික පදනමක් ස්ථාපනය කිරීම සඳහා වර්තමාන නීති හා ආයතනික රාමුව සමාලෝචනයට භා‍ජනය කෙරෙනු ඇත.    

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search