හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්රධානී අයි. එච්. කේ. මහානාම හා රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන පුද්ගලයින්ට විශේෂ ස්ථිර ත්රි පුද්ගල මහාධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසුව ලබා දුන් තීන්දුව අනුව, ආචාර්ය අයි.එච්.කේ. මහානාමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඩුවම්ද, රු.65,000/-ක දඩයක්ද, රු. මිලියන 20ක දණ්ඩනයක්ද නියම වූ අතර පී. දිසානායක යන අයට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.55,000/-ක දඩයක් නියම විය.