රු. 5,000/= ක අල්ලස් ගත් කළමනාකරණ සහකාර හිරේ

කිරිබත්ගල, වටාපත, පදිංචි පැමිණිලිකරු භුක්ති  විදින රජයේ කුඹුරු ඉඩම සඳහා නීත්‍යායානුකූලව ඔප්පුව සකස් කර දීමට අවශ්‍ය ලිපියක් සකස් කිරීමට රු. 5,000/= මුදලක් අල්ලස් වශයෙන් අයැද ලබාගන්නා ලද රත්නපුර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කළමනාකරණ සහකාර, ඕමල්පේ දයාරත්න යන අය දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු කරන ලදී.

මෙහෙදී ගරු අධිකරණය අධි චෝදනා පත්‍රයේ සඳහන් 01 සිට 04 දක්වා වූ එක් එක් චෝදනාවට වර්ෂ 1 ½  බැගින් වසර 06 ක් බරපතල වැඩ ඇතිව  සිරදඬුවම් නියම කර එකී සිරදඩුවම් වර්ෂ 1 ½ කින් ගෙවී යන ලෙසට නියම  කරන ලදී. එක් චෝදනාවකට රු. 5,000/= බැගින් රු. 20,000/= ක දඩ නියම කරන ලදීඑසේම අල්ලස් ලෙස  ලබාගත් රු. 5,000/= ක මුදල අල්ලස් පනතේ 26 වන වගන්තිය ප්‍රකාරව දණ්ඩනයක් වශයෙන්  අය කර ගැනීමට නියෝග කරන ලදී. . තවද නියම කරන ලද   දඩ  සහ දණ්ඩන මුදල නොගෙවන්නේ නම් වසර 01 ක ලිහිල් වැඩ ඇතිව සිර දඬුවම් නියම කර ඇත. 

මෙම තීන්දුව දෙන ලද්දේ 2020-07-01 වන දින කොළඹ මහාධිකරණ අංක 05 හි ගරු  විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මැතිතුමා විසිනි.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ  සහකාර අධ්‍යක්ෂ (නීති) බී.ඩබ්. එම්.යූ.එම්. කුමාරිහාමි මෙනවිය විසින් මෙම පැමිණිල්ල මෙහෙයවූ අතර විමර්ශනය මෙහෙයවන ලද්දේ  පො.ප. සෙනවිරත්න මහතා විසිනි. උපාය දූතයා ලෙස පො. කො. පතිරාජ මහතා කටයුතු කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search