රු.10000 ක අල්ලස් ලබාගත් පොලිස් කොස්තාපල් වරද පිළිගනී

දොම්පේ කුඹල්විල වත්ත, අංක 320 ලිපිනයෙහි පදිංචි විතානගේ දිනේෂ්  චන්දන යන අය ගංජා ලග තබා ගැනීමේ වරදට නීති මගින්  කටයුතු නොකර සිටීම සඳහා  රු. 10,000/= ක මුදලක් ඉල්ලා ඉන් රු. 5,000/= ක මුදලක් එදිනම ලබාගෙන ඉතිරි රු. 5,000/= ක මුදල සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කරන  ලද පැමිණිල්ලට අනුව සංවිධානය කරන ලද වැටලීමේදී අල්ලස් නිලධාරීන් ඉදිරිපිට ඉතිරි රු. 5,000/= ක මුදල ලබා ගත් බවට අධි චෝදනා ගොණු කරන ලද අතර එකී අධි චෝදනා පත්‍රයේ සඳහන් 01 – 08 දක්වා වූ චෝදනා සඳහා චූදිත තැනැත්තා වන දෙල්ගොඩ, පොල්හේන හන්දිය, බැලුම්මහර, අංක 165 ඩී, හි පදිංචි ජයවර්ධන මුදියන්සේලාගේ නිමල් රත්නායක යන (පොලිස් කොස්තාපල්, 43903, දොම්පෙ පොලස් ස්ථානය) අය වරද පිළිගන්නා ලදී.



මෙහෙදී ගරු අධිකරණය එක් එක් චෝදනාව සදහා මාස තුන බැගින් වසර දෙකක බරපතල වැඩ ඇතිව සිර දඩුවම් නියම කර එය වර්ෂ 10කට අත්හිටුවන ලදී. තවද එක් චෝදනාවකට රු. 5,000/= බැගින් රු. 40,000/= දඩ නියම කර නොගෙවන්නේ නම් බරපතල වැඩ ඇතිව මාස 06 ක සිරදඬුවම් නියම කර ඇත. අල්ලස් වශයෙන් ගන්නා ලද රු. 10,000/= ක මුදල අල්ලස් පනතේ 26 වන වගන්තිය ප්‍රකාරව දණ්ඩනයක් වශයෙන් අය කර ගැනීමට නියෝග කර නොගෙවන්නේ නම් මාස 06 ක සිර දඬුවම්ද නියම කර ඇත. තවද මෙම තීන්දුව දෙන ලද්දේ 2020-07-08 දින කොළඹ මහාධිකරණ අංක 06 හි ගරු  විනිසුරු ඒ.එම්.කේ. පටබැඳිගේ මැතිතුමා විසිනි.මෙම පැමිණිල්ල මෙහෙයවීම සහකාර අධ්‍යක්ෂ (නීති) බී.ඩබ්.යූ.එම්. කුමාරිහාමි මෙනවිය විසින් සිදුකරන ලදී. විමර්ශන නිලධාරී වශයෙන් ප්‍ර.පො.ප. පුෂ්පකුමාර මහතා කටයුතු කරන ලදී. උපාය දූතයා ලෙස පො. කො. අමරසිංහ මහතා කටයුතු කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search