රිය අනතුරකට අදාළව ඇප ලබාගැනීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ තෝල්කයාට සහ ගරු මහේස්ත්‍රාත්තුමාට ලබා දීමට යැයි අල්ලස් ලබාගත් සැකකරු වරද පිළිගනී

චූදිත ගම්පහ, වෑබඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, මොහු අධිකරණය මඟහැර පලාගොස් සිටි හෙයින් කොළඹ මහාධිකරණයේ චූදිත නොමැතිව නඩුව විභාගයට ගෙන තිබිය දී, වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට හැකිව අත්අඩංගුවට පත් විය.

2024.10. 24 දින අධිකරණයේ දී චූදිත වරද පිළිගත් අතර, මොහුට ගරු මහාධිකරණ විනිසුරු තැන්පත් මංජුල තිලකරත්න මහතා විසින් චෝදනා 04ක් සඳහා ම වරදකරු කරන ලද අතර, එක් එක් වරද සඳහා මාස 06ක් බැගින්, වසර 02කට බරපතල වැඩ සහිත සිරදඬුවම් පනවා වසර 05කට අත්හිටුවන ලදි. එසේ ම රු.29,000 / - ක දඩ මුදලක් නියම කරන ලද අතර, නොගෙවන්නේ නම් මාස 01 බැගින් ලිහිල් දඬුවම් නියම කරන ලදි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවීම සහකාර අධ්‍යක්ෂ (නීතී) තුසිතා ජයනෙත්ති මහත්මිය විසින් සිදු කරන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search