රු.5,000/-ක (රුපියල් පන්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් සිතාසි සහ ඇස්කිසි ක්‍රියාකරුවකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, ඉඩම් භුක්තිය සම්බන්ධව ඇති වූ ආරවුලක් පිළිබඳව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ, පැමිණිලිකරු විසින් පුද්ගලිකව පවරන ලද නඩුවකට අදාළ තීන්දුව පැමිණිලිකරුහට අවාසි ලෙස ලැබීමෙන් පසුව නැවත මහාධිකරණයේ අභියාචනය කිරීම සඳහා නීතිඥවරයාගේ උපදෙස් පරිදි ඉහත නඩුවට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් ලබා දීමට රජයේ ගාස්තුවට අමතරව අල්ලස් ලෙස රු.5,000/- ක (රුපියල් පන්දහසක) මුදලක් අයැද භාරගැනීමේ චෝදනාව මත බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ සිතාසි සහ ඇස්කිසි ක්‍රියාකරුවකු 2025.06.05 දින මධ්‍යාහ්න 12.23ට බලපිටිය උසාවි සංකීර්ණය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search