ඉතිහාසය
අල්ලස් නීතියේ විකාශය
ක්‍රි.ව. 1505 ට පෙර යුගය
ක්‍රි.ව. 1505 දි ලන්දේසි ආක්‍රමණයට පෙර ශ්‍රී ලංකාව රාජාණ්ඩුපාලන ඉතිහාසයකට හිමිකම් කියන ලදී. අලිඛිත සාමාජික හා පරිපුර්ණ නීති පද්ධතියක් අනුව රජවරුන් රට පාලනය කරන ලදී. ධුරාවලියකට අනුව යුක්තිය පසිදලීමේ හා රාජ්‍ය පාලනයේ යෙදුනු නිලධාරීන්ට තම සේවය උදෙසා නිශ්චිත වේතන ගෙවීමක් මෙවකට සිදු නොවීය. එසේ හෙයින් මෙම නිලධාරීන්ගේ සේවයට ගරු කිරිමක් වශයෙක් තුටු පඬුරු පිරිනැමීම රජවරුන්ගේ පොදු සම්ප්‍රදාය විය. මෙය අල්ලස් ලෙස සලකනු නොලැබීය.
ක්‍රි.ව. 1505 - ක්‍රි.ව. 1656
ක්‍රි.ව. 1656 - 1796
ක්‍රි.ව.1796 - 1941
ක්‍රි.ව. 1941 - 1954
ක්‍රි.ව. 1954 - 1994
ක්‍රි.ව.1994 සිට අද දක්වා
ව්‍යවස්තාපිත නීතියේ වැදගත් වෙනස්වීම්
1883 අංක 02 දරණ දණ්ඩ නීති සංග්‍රහය
- රාජකාරියට අදාළ කරුණක් සම්බන්ධයෙන් පෙළඹවීමක් හෝ ත්‍යාගයක් ලෙස රජයේ සේවකයකු විසින් තුඩු පඬුරක් ලෙස පිළිගැනීම හෝ ලබා ගැනීමදණ්ඩ නීති සංග්‍රහයේ වරද ලෙස දක්වා ඇත. (158 වගන්තිය 9 වන පරිච්ඡේදය)
- 159, 160 වගන්ති මගින් අතරමැදියන් ද 161 වගන්තිය මගින් අනුබල දෙන්නන් ද ආවරණය කර ඇත.
- අල්ලස් ඉල්ලීම එනයින්ම වරදක් ලෙස දක්වා නැත ද අල්ලසට තැත් කිරීමක් සේ සලකා ඊට දඬුවම් දෙන ලදී.
- තුටු පඬුරක් ලබා දෙන තැනැත්තකු අනුබල දෙන්නකු ලෙස සලකා දඬුවම් දෙන ලදී.
- යුක්තිය පසිඳලීමට අදාළව වරදක් හෝ වරදක් කළ අයකු සැගවීමට තුටු පඬුරක් අයැදීම, භාර ගැනීම හෝ ලබා දීම 11පරිච්ඡේදය යටතේ වැරදි ලෙස දක්වා ඇත. 210, 211 සහ 212 වගන්ති.
- රජයේ සේවකයකු පෙළඹවීම සඳහා තුටු පඬුරක් පිළිගන්නා හෝ භාර ගන්නා තැනැත්තකු ද වරදකරුවකු වේ.
- මෙම නීතිය මගින් සම්බන්ධිත රාජකාරිය ඉටු කිරීම රජයේ සේවකයාගේ රාජකාරී බලයට පරිභාහිර වන අවස්ථාවලදී අල්ලසක් ලබා ගැනීම නීතිය මගින් වරදක් ලෙස දක්වා නොමැත. (සොයිසා එදි. සුබවීර (1941) 42 NLR35
- තුටු පඬුරක් ලබා ගත් රජයේ සේවකයාට රාජකාරිය ඉටු කිරීමට වගකීමක් පැවරී නොමැති විටදී තුටු පඬුර ලබා දුන් තැනැත්තා ද තමා ලද යම් වාසියක් ද නොතකා අනුබල දුන් තැනැත්තකු ලෙස වරදකරුවකු ලෙස නොසැලකේ. (තෙන්නකෝන් එදි. දිසානායක (1948) 50 NLR 403
- “රජයේ සේවකයා” යන්නට අධිකරණ නිලධාරියකු ඇතුලත් සියළුම රජයේ සේවකයන් ඇතුලත් විය. කෙසේ වූවද ව්‍යවස්ථාදායක නියෝජිතයන් හෝ විධායක රාජ්‍ය ප්‍රධානියා මීට ඇතුලත් නොවීය.
- අනෙක් අපරාධ වරදවල් ආකාරයෙන් විමර්ශන පොලිසිය විසින් ද නඩු මෙහෙයවීම නීතිපතිවරයා විසින් ද සිදු කරන ලදී.
- 1898 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ ද 1973 අංක 44 දරණ යුක්තිය පසිඳලීමේ පනත යටතේ ද මෙම වරදවල් සංඥය නොවන ඇප දිය හැකි සහ සමථයකට පත් කළ නොහැකි වැරදි ලෙස දක්වා තිබිණි.
- මෙම වරදවල් සම්බන්ධව නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය (1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය, 135 (1) (ආ))
- අල්ලස් සම්බන්ධ වෙනම නීතියක අවශ්‍යතාවය අධිකරණය විසින් වරින් වර දක්වා සිටින ලදී. (තෙන්නකෝන් එදි. දිසානායක 1948 50 NLR 403)
- දේශපාලඥයින්ගේ හා රජයේ නිලධාරීන්ගේ දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා වරින් වර පත් කරන ලද විමර්ශන කොමිෂන් සභා මගින් ද වෙනම නීතියක අවශ්‍යතාවය අවධාරණය කර ඇත.
- රජයේ සේවකයකු විසින් අල්ලසක් නොවන ත්‍යාගයක් පිළිගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් නොවිණි. කෙසේ වූවද සමීප යහළුවකුගෙන් හැර රජයේ සේවකයකු විසින් ත්‍යාග පිළිගැනීම ආයතන සංග්‍රහය යටතේ වරදක් ලෙස දක්වා ඇත. (47 පරිච්ඡේදයේ 2:1 වගන්තිය.)
- අල්ලස් පනතට පෙර විමර්ශන කොමිෂන් සභා හරයාත්මක නීතියට අමතරව අල්ලස් සම්බන්ධ විශේෂ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා 1933 අංක 23 දරණ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ විමර්ශන කොමිෂන් සභා කිහිපයක් ඇති කරන ලදී.
- ප්‍රැන්සිස් ද සොයිසා මහතාගේ යෝජනාවක් අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන්ගේ දූෂණ සොයා බැලීම සඳහා රාජ නීතීඥ එල්.එම්.ඩී. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 1941 දී එල්.එම්.ඩී. ද සිල්වා කොමිෂම පත් කරන ලදී. මෙම කොමිෂමේ වාර්තාව හේතුවෙන් සමහර මන්ත්‍රීවරුන් ඉල්ලා අස් වූ අතර වැරදිකරුවන් බවට ගොදුරු වූ ඉල්ලා අස් නොවූ මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිතයන් ඉවත් කිරීමේ ආඥා පනත පවරණ ලදී.
- අනතුරුව රාජ්‍ය දෙපාර්තමේන්තුවල දූෂණ විමර්ශනය සඳහා රාජ නීතීඥ ඒ.ඊ. කෙනමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ.ඊ. කෙනමන් කොමිෂන් සභාව පත් කරන ලදී. මෙම කොමිෂන් සභාව විසින් තුටු පඬුරු ලබා ගැනීමේ දී රජයේ සේවකයාගේ පෙළඹවීම හෝ ත්‍යාග ලෙස ලබා ගැනීම ඔප්පු කිරීමේ කාර්ය ඉවත් කිරීමට ද රාජකාරී කටයුත්ත සත්‍ය වශයෙන්ම ඉටු කිරීමේ අවශ්‍යතාවයෙන් අනන්‍යව රාජකාරී කටයුත්තක් ලෙස දැක්විය හැකියි. සියළුම අවස්ථා ආවරණය වන ලෙස වරද දැක්වීමට ද, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අල්ලස් මගින් දේපල අත්කර ගැනීම නව වරදක් ලෙස ඇතුලත් කිරීමට ද නිර්දේශ කරන ලදී. අල්ලස් වරදවල් විමර්ශනය සඳහා වෙනම රජයේ දෙපාර්තමේන්තුවක් ඇති කිරීමට කරන ලද නිර්දේශය සුවිශේෂී වේ. මෙම කොමිෂම මගින් අනාවරණය කර ගන්නා ලද වරදවල් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභා විසින් පියවර ගන්නා ලදී.
- කොළඹ නගර සභා සාමාජිකයන්ගේ දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 1949 එම්.ඩබ්.එච්. ද සිල්වා කොමිෂම පත් කරන ලදී. මෙම කොමිෂන් සභාවේ වාර්තාවට අනුරූපීව 1943 අංක 49 දරණ මහජන ආයතන (දූෂණ නිවාරණ) ආඥා පනත ඇති කරමින් ඒ යටතේ වරදවල් සඳහා සිවිල් අයිතිවාසිකම් අහෝසි වීමට ප්‍රතිපාදන සලසන ලදී.
- මෙම කොමිෂන් සභා වලට දඬුවම් නියම කිරීමේ බලයක් නොතිබූ අතර එම හේතුවෙන් වරදකරුවන්ට එරෙහිව තත්කාලීන සාමාන්‍ය නීතිය යටතේ හා දිනය කාර්ය පරිපාටීන් අනුව කටයුතු කරන ලදී. මෙම කොමිෂන් සභා නිර්දේශයන් පසුකාලීන ව්‍යවස්ථා සම්පාදනයේ දී සලකා බලන ලදී.
- පළාත් පාලන ආයතනවල සභිකයන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දක්වා නොතිබූ බැවින් ඔවුනට අදාළ වන සේ 1943 අංක 49 දරණ මහජන ආයතන (දූෂණ නිවාරණය) ආඥා පනත සම්මත කරන ලදී.
1954 අංක 11 දරණ අල්ලස් පනත
අල්ලස් පනතට පසු
1975 අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය
1980 අංක 09 දරණ අල්ලස් (සංශෝධන) පනත
1994 අංක 20 දරණ අල්ලස් (සංශෝධන) පනත
1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය