ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා දූෂණ නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 මැයි 09 වන දින සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන කොළඹ පිහිටි ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් සංවිධානය කර තිබූ අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ-(CIABOC) දූෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා විසිනි.







