කොළඹ දකුණ කොට්ඨාශයට අනුයුක්ත නිලධාරින් සඳහා අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා වූ එක් දින පුහුණු වැඩසටහන

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සම්බන්ධීකරණය වී කොළඹ දකුණ කොට්ඨාශයට අනුයුක්ත සියලුම නිලධාරින් වෙත අල්ලස් හා දුෂණ විමර්ශනය සම්බන්ධ විශේෂ වැඩමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

ඒ අනුව 2025 මාර්තු මස 15 වන දින මෙම වැඩසටහන් මාලාවෙහි දෙවන වැඩසටහන කොළඹ නියෝජ්ය පොලිස්පති කාර්යාලයේ සිව්වන මහලේ පිහිටි සම්මන්ත්රණ ශාලාවේ දී නිලධාරින් එකසිය පනහකට ආසන්න ප්රමාණයක් දැනුවත් කිරීම සිදු කල අතර මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී චමෝදි ජයසිංහ මහත්මිය, විමර්ශන නිලධාරි ශාන්ත සෙනවිරත්න මහතා සම්පත්දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

28 1

28 1

28 1

28 1

28 1

28 1

28 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search