වර්තමානය වන විට අල්ලස හා දුෂණය මෙරට පිළලයක් සේ සීඝ්‍රයෙන් පැතිර යන අතර, ඊට එරෙහිව නැගී සිටීම කාලීන අවශ්‍යතාවයක් විය යුතුව ඇත. ඒ අනුව, අල්ලසින් හා දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ අරමුණින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය එක්ව නිවාරණ වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබූ අතර, එහි එක් වැඩසටහනක් 2025.02.27 වන දින කඩවත, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩල ආයතන පරිශ්‍රයේ දී පැවැත් වුණි.
මෙහි දී 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත, අල්ලස හා දූෂණය පිළිබඳ නිවාරණය, අල්ලස හා දූෂණයෙහි ඇති විපාකයන් සහ සුපිළිපන්නභාවය යන අංශයන් ඔස්සේ වැඩසටහන පැවැත් වූ අතර, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී වීය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන නිපුනි තෙන්නකෝන් මෙනවිය සහ එරංගා මධුෂි කුමාරි මහත්මිය මේ සඳහා සම්පත්දායකත්වය ලබා දුනි.