SLT Mobitel PLC ආයතනය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව SLT Mobitel PLC හි නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධයෙන් පවත්වන ලද වැඩසටහන් මාලාවේ, තවත් එක් වැඩසටහනක් 2025 මාර්තු මස 07 වන දින SLT Mobitel ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය. මේ සඳහා එම ආයතනයේ නිලධාරීන් 140ක් පමණ සහභාගි විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරින් වන නිපුනි තෙන්නකෝන් මෙනවිය සහ ෂම්මි ශ්‍රී ලාල් මහතා මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලද අතර, සුපිළපන්නබාවය, අල්ලස දූෂණයෙහි ප්‍රතිවිපාක, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත පිළිබඳ මෙන් ම අල්ලස හා දූෂණය වැළැක්වීම පිළිබඳව මෙහි දී දැනුවත් කිරීම සිදු කරන ලදී.