SLT Mobitel PLC හි නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහන් මාලාවක්, එම ආයතනය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්ව පවත්වනු ලැබිය. එහි අවසන් වැඩසටහන පසුගිය 2025 මාර්තු මස 17 වන දින SLT Mobitel ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතරම එයට නිලධාරීන් 112 ක් සහභාගි විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි උදේශිකා ජයසේකර මහත්මිය හා සහකාර අධ්‍යක්‍ෂ නීති ඩයනා කොඩිතුවක්කු මෙනවිය මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී . මේ තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනතෙහි නව විධිවිධාන පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.