ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි එල් කලාපයේ එනම් වැලිඔය කලාපයේ එහි සේවයේ නියුතු නිලධාරින් 120 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් 2025.03.21 වන දින අල්ලස හා දූෂණය සම්බන්ධ දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් අති සාර්ථකව නිමා විය. වැලිඔය කලාපයේ මහවැලි අධිකාරි ශ්‍රවණාගාරයේ දී අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් මේ වෙනුවෙන් වෙන් කර තිබු අතර, මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරිනී උදේශිකා ජයසේකර මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරි ශම්මි ශ්‍රීලාල් මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.