අගලවත්ත ප්රාදේශිය සභාවේ සේවයේ නියුතු නිලධාරින් 70කට ආසන්න ප්රමාණයක් සම්බන්ධ කරගනිමින් Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ බස්නාහිර පළාත් වැඩසටහනට සමගාමීව 2025.03.14 වන දින අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් සඳහා වෙන් කර තිබිණි.
අගලවත්ත ප්රාදේශීය සභා ශ්රවනාගාරයේදී මෙම වැඩසටහන පැවැත්වුණු අතර, මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී චමෝදි ජයසිංහ මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරි ශිලාමේඝ වැලිතොටගේ මහතා සම්පත්දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.