ගාල්ල මහනගර සභාවේ නිලධාරීන් 180 ක් සහභාගී කරගනිමින් අල්ලස හා දූෂණය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2025 මාර්තු මස 06 වන දින නගර සභා පරිශ්‍රයේ දී පැවැත්වුණි. ගාල්ල මහනගර සභාවට අයත් කාර්යාලගත හා කේෂ්ත්‍රගත නිලධාරින් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබූ අතර, මෙය අදියර දෙකකින්, වැඩසටහන් දෙකක් වශයෙන් දිනය පුරාම දැනුවත් කිරීම සිදු කරන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරි උදේශිකා ජයසේකර මහත්මිය , දූෂණ නිවාරණ නිලධාරි විමුක්ති ජයසුරිය මහත්මිය මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලද අතර නාගරික කොමසාරිස්තුමිය ද මෙදින මෙම වැඩසටහන සමග සම්බන්ධ විය. මේ තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.