Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ මහවැලි පුනරුද සතියට සමගාමිව පවත්වනු ලබන අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙහි, වලවේ කලාපයේ සේවයේ නියුතු නිලධාරින් 200කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් Clean Sri Lanka ජාතික වැඩසටහන යටතේ “පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්” තේමා කරගත් 2025.03.10 සිට 2025.03.16 දක්වා වූ මහවැලි පුනරුද සතියෙහි හය වන දින එනම්, 2025.03.15 වන දින අල්ලස හා දුෂණය පිළිබඳව දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් සඳහා වෙන් කර තිබිණි.

ඇඹිලිපිටිය ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී මෙම වැඩසටහන පැවැත්වුණු අතර මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී උදේශිකා ජයසේකර මහත්මිය සම්පත්දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

24 1

24 1

24 1

24 1

24 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search