පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහන් මාලාවක්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව පවත්වනු ලැබිය. එහි අවසන් වැඩසටහන පසුගිය 2025 මාර්තු මස 11 වන දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතරම එයට නිලධාරීන් 90 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරි උදේශිකා ජයසේකර මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරි විමුක්ති ජයසුරිය මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද අතර, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන හා පර්යේෂණ කොමසාරිස්තුමා ද මෙදින මෙම වැඩසටහන සමග සම්බන්ධ විය. මේ තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.