2025.02.18 වන දින ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ දූෂණ නිවාරන වැඩසටහනක් පවත්වයි

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සඳහා දූෂණ නිවාරණ වැඩසටහනක් 2025.02.18 වන දින සාර්ථක ලෙස පවත්වන ලදි. එය බන්ඩාරගම පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිඩට් හී දී පවත්වන ලදි.

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කලමණාකාර අධ්‍යක්ෂ රෝහන දිසානායක මහතා ඇතුළු විධායක නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් දිස්නා ගුරුසිංහ මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරිනී නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය මෙහි දී හරවත් දේශන පැවැත්වූහ. එහි දී, නව දූෂණ විරෝධී පනත පිලිබඳවත්, සුපිලිපන්නබව, සදාචාරාත්මක වගකීම්, දූෂණ සංජානන දර්ශකය සහ සේවා ස්ථානය තුල දූෂණය වැලැක්වීමේ සඳහා ඇති ප්‍රායෝගික ක්‍රමවේද පිලිබඳවත් ඔවුහු සහභාගී වූ පිරිස දැනුවත් කලහ.

18 1

18 1

18 1

18 1

18 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search