ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පවත්වනු ලබන අධ්‍යාපනික වැඩසටහන් මාලාවක ආරම්භක වැඩසටහන ලෙස දූෂණ මර්ධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ පිහිටි සිය ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වුනි. මාර්තු මස 04 වන දින පැවැත් වූ මෙම වැඩසටහන, රජය සතු ප්‍රවාහන ආයතනයෙහි විධායක නිලධාරීන්හට සදාචාරාත්මක පාලනය සම්බන්ධයෙන් දැනුම ලබා දීමේ අරමුණින් පවත්වන්නට යෙදුනි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා දූෂණ නිවාරණ නිලධාරීන් වන සම්පත් ආරච්චිගේ මහතා සහ ශිලාමේඝ වැලිතොටගේ මහතා විසින් මෙහි දේශන පැවැත්වූ අතර, දූෂණය වැලැක්වීමේ ක්‍රමවේද, නෛතික රාමු සහ අල්ලස් හා දූෂණය සම්බන්ධ සිද්ධි අධ්‍යයන අලලා එම දේශන සිදු කෙරිනි.
ලංකා ප්‍රවාහන මණ්ඩල පනත යටතේ 1958 වසරේ ස්ථාපනය කල ශ්‍රීලගම (පලමු ව ලංකා ප්‍රවාහන මණ්ඩලය ලෙස හැඳින්විය), මුළු මහත් දේශය පුරා ප්‍රවාහන පහසුකම් සලසන රාජ්‍ය ආයතනය වේ. 1979 වසරේ සිය නාමය වෙනස් කල ශ්‍රීලංගම, සියලු පුරවැසියන් සඳහා දැරිය හැකි මුදලකට ප්‍රවාහන පහසුකම් සපයන අතර ම, අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනදායී මුදලකට එම පහසුකම ලබා දීම සිදු කරයි.
ශ්‍රීලංගම විසින් දියත් කරන දැවැන්ත දූෂණ විරෝධී ව්‍යාපාරයක ආරම්භය සනිටුහන් කරන මෙම වැඩමුළුව, පොදු ප්‍රවාහන සේවාව තුල විනිවිදභාවය හා වගවීම සඳහා වූ ඔවුන් තුල වූ කැපවීම පිලිබිඹු කරයි. ප්‍රවාහන ක්ෂේත්‍රය තුල සදාචාරාත්මක ප්‍රතිසංස්කරණයක් සඳහා ඔවුන් ලබා දෙන සහයෝගය ප්‍රකට කරමින් ප්‍රධාන කාර්යාලීය සියලු විධායක නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.