දූෂණය මැඩලීම වෙනුවෙන් වූ දිගු කාලීන සටන සවිමත් කිරීමේ දී ළමා හා තරුණ පරපුර ඉලක්ක කරමින් සුපිලිපන් අධ්‍යාපනය ඉහළ නැංවීම අතිශය වැදගත් සාධක වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හඳුනා ගෙන ඇත. මෙම මූලධර්මය අනුව යමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශය විසින් 2024 ඔක්තෝම්බර් මස 03 වන දින සාගර විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා වැඩසටහනක් පවත්වන ලදි.







