2022.11.23 දින කල්ලඩි පොලිස් අභ්‍යාස විද්‍යාල ශ්‍රවනාගාරයේ දී, ආධුනික පොලිස් නිලධාරීන් 160 දෙනෙකු අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා නිවාරණ වැඩමුළුවක් පැවැත්වූ අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) එස්. එම්. සබ්රි , දුෂණ නිවාරණ නිලධාරී එච්. එම්. එස්. හේරත්, නීති සහකාර බී. එම්. මුහිබුල්ලා යන මහත්වරුන් විසින් නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.