සුපිළිපන්න ශ්‍රී ලංකාවක් බිහිකිරීම අරමුණු කරගනිමින් අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා වූ තවත් එක් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ නිලධාරීන් කේන්ද්‍ර කරගනිමින් 2024.02.15 වන දින පැවැත්වුණි.
සුපිළිපන්න ශ්‍රී ලංකාවක් බිහිකිරීම අරමුණු කරගනිමින් අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා වූ තවත් එක් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ නිලධාරීන් කේන්ද්‍ර කරගනිමින් 2024.02.15 වන දින පැවැත්වුණි.
ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ මුඛ්‍ය අරමුණ යටතේ මෙරට රාජ්‍ය ආයතනයන්හි පවතින අල්ලස් හා දූෂණ අකටයුතුකම් අවම කරමින් සුපිළිපන්න සමාජයක් බිහිකරනු වස් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දියත් කරනු ලබන නිවාරණ වැඩසටහන් මාලාවේ ප්‍රධාන නිවාරණ වැඩසටහනක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා 2024.02.09 වන දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව රාජ්‍ය අංශයේ නිළධාරින්ගේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන් උදෙසා පැවැත් වූ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2024 ජනවාරි මස 20 වන දින පැවැත්වීය. මෙම වැඩසටහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාතර, ගාල්ල, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි සේවය කරනු ලබන නිලධාරීන් අරභයා මාතර, ශනායා මොටෙල්හි දී පැවැත්විණි.
2024 පෙබරවාරි මස 08 වන දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් 100 දෙනෙක් සඳහා අල්ලස හා දුෂණය පිළිබඳව පවත්වන නිවාරණ වැඩමුළු මාලාවේ තෙවැනි වැඩසටහන සිදු කල අතර ඒ සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චි මහතා, දුෂණ නිවාරණ නිලධාරී ජේ.එල්.ඒ. උදේශිකා මධුභාෂණි මහත්මිය හා දුෂණ නිවාරණ නිලධාරී රුශාන්ති දිල්ශානි මහත්මිය මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදි.
අල්ලස හා දූෂණය මැඩලීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දරනු ලබන අඛණ්ඩ ප්රයත්නයන් අතර, එවැනි සිදුවීම් පැමිණිලි කිරීම සඳහා මහජනතාව දිරි ගැන්වීමේ වැසටහනක් වසර 2023 මැද භාගයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ස්ටිකර මහජනතාව නිතර වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන, විශේෂයෙන් ම දුම්රිය ස්ථාන හා විවිධ නගර, උපායශීලීව ඉලක්ක කර ගනිමින් ඇලවීම ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර මහනුවර, අනුරාධපුර යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් දෙසම්බර් මාසයේ දී යාපනය දිස්ත්‍රික්කයෙන් අවසන් කරන ලදි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් “අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු” මැයෙන් මුළු දිවයින ම ආවරණය වන පරිදි පවත්වනු ලබන ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළු මාලාවේ තවත් වැඩමුළු ද්විත්වයක් පුත්තලම ආණමඩුව ආදර්ශ විද්‍යාලය, ආණමඩුව මධ්‍ය මහ විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් 100ක් සහ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය, සීවලි මහ විද්‍යාලය, විලයාය මධ්‍ය මහා විද්‍යාලය, ආනන්ද බාලිකා ජාතික පාසල යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් 100ක් සඳහා පවත්වන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් “අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු” මැයෙන් සුපිළිපන්න සමාජයක් පිහිටු වීමේ වැඩසටහන් රැසක් පවත්වන ලදි. එහි තවත් අදිරයන් කිහිපයක් ලෙස, බදුල්ල ධර්මදූත විද්‍යාලය, විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, සුජාතා මහා විද්‍යාලය, ඌව මහා විද්‍යාලය, ධම්මානන්ද මහා විද්‍යාලය, උදයරාජ මහා විද්‍යාලය, විශාකා බාලිකා මහා විද්‍යාලය හා රාහුල මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් 250ක්, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවන්තක චේතිය මහා විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය, තලාව මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් 250ක් සහ කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය, ජනාධිපති බාලිකා විද්‍යාලය, කොතලාවල මහා විද්‍යාලය, ලක්දාස් විද්‍යාලය, නිශ්ශංක මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරුවරුන් 250ක් සඳහා වැඩසටහන් පවත්වන ලදී.
වෘත්තීය ආචාරධර්ම මෙරට තුල ප්‍රවර්ධනය කිරීමත් මෑතක දී ක්‍රියාවට නංවන ලද 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත පිලිබඳ ව දැනුවත් කිරීමත් අරමුණු කර ගනිමින් දෙදින නිවාරණ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අත්වැල් බැඳ ගනිමින් පවත්වන්නට යෙදුනි.
ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීම අරමුණු කරගනිමින් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 122 දෙනෙකු සඳහා නිවාරණ වැඩසටහනක් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ සහයෝගය ද ඇතිව “අල්ලසින් තොර සුපිළිපන් දේශයක් බිහි කරමු” මැයෙන් ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා වන නේවාසික පුහුණු වැඩමුළුවේ පස්වන වැඩසටහන උතුරු පළාත සහ සයවන වැඩමුළුව වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් අති සාර්ථකව පවත්වන ලද අතර, ඒ අනුව, මේ වන විට පළාත් 06ක් ආවරණය කරමින් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කර ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව පත්වීම් ලද සහකාර කොමසාරිස්වරු 57 දෙනෙකු සඳහා 2024 ජනවාරි මස 19 වන දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙහි දී නව දූෂණ විරෝධී පනත හා අල්ලස, දූෂණයට අදාළ නීතිමය ප්රතිපාදනයන් පිළිබඳවත්, සුපිළිපන්නභාවයෙන් යුතු රාජ්‍ය සේවය පිළිබඳවත්, රාජ්‍ය සේවකයන් සතු විය යුතු වගකීම් හා වගවීම් පිළිබඳවත් සිද්ධි අධ්‍යනයන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද යොදා ගනිමින් දැනුවත් කිරීම සිදු කරන ලදි. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) අමා විජේසිංහ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරී මධූකා රුවන්ති මහත්මිය විසින් ලබා දෙන ලදි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 ජනවාරි මස 12 වන දින රාජ්‍ය දැව සංස්ථාවේ නියෝජ්‍ය කළමනාකරුවන්, සහකාර කළමනාකරුවන්, කොට්ඨාස කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් වන නිලධාරීන් ඇතුළු නිලධාරීන් 75 දෙනෙකු සඳහා නිවාරණ වැඩසටහනක් පවත්වන ලදී. ඒ බත්තරමුල්ල රාජ්‍ය දැව සංස්ථා ශ්රවණාගාරයේදීය. වැඩසටහන සඳහා සම්පත් දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය විසින් ලබා දුනි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954