ශ්‍රී ලංකාව තුළ සුපිළපන් රාජ්‍ය සේවයක් බිහි කිරීම සහ අල්ලස හා දුෂණය තුරන් කළ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අරමුණ පෙරදැරිව තවත් එක් නිවාරණ වැඩසටහනක් නිකවැරටිය පොලිස් පුහුණු අභ්‍යාස විද්‍යාලයේ දී පැවැත්වුණි. ඒ ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලාව සඳහා සහභාගී වූ පොලිස් නිලධාරීන් සඳහා ය. මෙම වැඩසටහන 2025 මාර්තු මස 19 වන දින පොලිස් නිලධාරීන් 59 දෙනෙකු පමණ සඳහා පැවැත්වුණි.







