අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිවාරණ ඒකකයේ දායකත්වයෙන් දූෂණයට එරෙහි වීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සවිබල ගැන්වෙයි

දූෂණයට එරෙහි ව ගනු ලබන ප්රගාමී පියවරක් වශයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිවාරණ ඒකකය විසින් ලංකා විදුලිබල මණ්ඩල අධිකාරීවරුන් සඳහා දූෂණ නිවාරණ වැඩසටහනක් පවත්වන ලදි. දූෂණ නිවාරණ උපායමාර්ග පිලිබඳව හා 2023 අංක 09 දරන දූෂණ විරෝධී නව පනත පිලිබඳව ලංකා විදුලිබල මණ්ඩල කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන 2024 පෙබරවාරි මස 15 වන දින එම මණ්ඩලයේ දෙහිවල ප්රදේශීය මධ්යස්ථාන ශ්රවනාගාරයේ දී පවත්වන්නට යෙදුනි.

මෙරට ප්රධාන බලශක්ති සැපයුම්කරු වශයෙන් ජනතාව ගේ බලශක්ති අවශ්යතා සපුරාලීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අතිමහත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ප්රාදේශීය මෙහෙයුම් කටයුතු හා සෘජු පාරිභෝගික සේවා කටයුතු සිදු කිරීමේ වගකීම උසුලන විදුලි අධිකාරීවරුන් හට අදාල මෙහෙයුම් කටයුතු ඵලදායී ලෙස සිදු කිරීමටත් අවදානම් අවම කර ගැනීමටත් දූෂණ නිවාරණ ක්රමවේද පිලිබඳව, විශේෂයෙන් ම 2023 අංක 09 දරණ දූෂණ විරෝධි පනත යටතේ පවතින ක්රමවේද පිලිබඳ මනා අවබෝධයක් තිබීම අවශ්ය වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සමාන්යාධිකාරී ධමිමික තන්තිරිමලගේ මහතා, නියෝජ්ය සාමාන්යාධිකාරී නොයෙල් ප්රියන්ත මහතා හා ඉංජිනේරු හා විදුලි අධිකාරී උදාරි පෙරේරා මෙනවිය එම මණ්ඩලය වෙනුවෙන් සහභාගී වූ ප්රධාන පිරිස අතර වූහ. දූෂණය ඉහළ යාම වැලැක්වීම සඳහා ගතයුතු ප්රගාමී හා අධීක්ෂණ ක්රියාමාර්ග අවධාරණය කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ ඒකකයේ නිලධාරීන් වන සම්පත් ආරච්චිගේ මහතා, ඉෂානි විජේසූරිය මෙනවිය හා ශිලාමේඝ වැලිතොටගේ මහතා විසින් අගනා විටිනා දැනුම් සම්භාරයක් මෙන් ම මගපෙන්වීම් එහි දී සහභාගී වූ පිරිසට ලබා දෙන ලදි.

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

0315 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search