ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්ගලික) සමාගමෙහි දුෂණ නිවාරණ වැඩසටහන

මෙම වසරෙහි පුද්ගලික අංශය වෙත සිදු කරනු ලබන පළමු දූෂණ නිවාරණ වැඩසටහන 2024 පෙබරවාරි 28 වන දින, ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්ගලික) සමාගමේ නිලධාරීන් 50 දෙනෙකු සඳහා අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහනක් බොරැල්ලේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී. එහි අනෙකුත් ශාඛා වල නිලධාරීන්ද සූම් තාක්‍ෂණය හරහා වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනුජා බණ්ඩාර මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් පුද්ගලික අංශයේ දූෂණය වැලැක්වීම සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

 0318 1

 0318 1

 0318 1

 0318 1

 0318 1

 0318 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search