ලංකා විදුලිබල මණ්ඩලයේ දුෂණ නිවාරණ වැඩසටහන

2024 මාර්තු 20වන දින, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් 100 දෙනෙකු සඳහා අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන කඩවත පිහිටි එහි අතිරේක සාමාන්‍යාධිකාරි කාර්යාල සංකීරණයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්‍ෂ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය හා නීති සහකාර නිලධාරිනී ගයාශානි උස්වත්ත මහත්මිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

 202418 1

 202418 1

 202418 1

 202418 1

 202418 1

 202418 1

 202418 1

 202418 1

 202418 1

 202418 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search