පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන - සබරගමුව පලාත

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමගින් සිදු කරනු ලබන පුහුණුකරුවන් පුහුණු කිරීමේ සබරගමු පලාත සඳහා වූ වැඩසටහන අති සාර්ථක ලෙස නිමාවට පත් විය.

පසු අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සුපිලිපන්න රාජ්‍ය සේවයක් මෙරට තුල ස්ථාපිත කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අදිටනින් රාජ්‍ය සේවකයින් දූෂණ විරෝධී පුහුණුකරුවන් ලෙස පුහුණු කරනු ලබන වැඩසටහන් මාලාවෙහි සත්වැන්න මෙය විය. රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක ද්විත්වය මෙම පලාතට අයත් දිස්ත්‍රික්ක වන අතර මෙරට වෙසෙන ජනයා ගෙන් සැලකිය යුතු පිරිසකට මෙම පනිවුඩය නිවැරදිව ගෙන යාමේ වැදගත්කම හඳුනා ගනිමින් මෙම වැඩසටහන එහි පවත්වන්නට යෙදුනි.

සංස්කෘතිකමය විවිධත්වය අතින් පොහොසත් මෙම පලාතෙහි ජනතාව එදිනෙදා ජීවිතයේ විවිධාකාර ගැටළු රැසකට මුහුණ දෙති. ඉන් සමහරක් ඔවුන් මුවින් නොපවසා නිහඬ ව විඳ ගනිති. තෙදිනක් පුරා පැවති මෙම නේවාසික වැඩසටහනේ දී අල්ලස් ලබා ගැනීමේ නීතියට අදාල ව පවතින නව ප්රතිපාදන පිලිබඳවත් දූෂණය වැලැක්වීම සඳහා වූ දිගු කාලීන උපායමාර්ග පිලිබඳවත් රත්නපුර හා කෑගල්ල දිස්ත්රික්කයන්හී ප්රාදේශීය ලේකම්වරුන් දීර්ග වශයෙන් දැනුවත් කිරීම සිදු කරන ලදි.

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

0312 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search