බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අල්ලස් හා දූෂණ ක්‍රියාවන්ට එරෙහිව සටන් කිරීමේ යාන්ත්‍රණයක් සැකසීම අරමුණු කරගත් සාකච්ඡාව

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අල්ලස් හා දූෂණ ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කිරීමේ යාන්ත්‍රණයක් සැකසීම අරමුණු කරගනිමින් එම සමාගමේ ඉහල කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් යුතුව 2024.03.01 වන දින ගුවන් තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ අමාත්‍ය බංගලාවේ හි දී සාකච්ඡාවක් පවත්වන ලදී.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජනරාල් දමිත් කනිෂ්ක විජේරත්න මැතිතුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මයුරි උඩවෙල මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනුජා බණ්ඩාර මෙනවිය, සහකාර පොලිස් අධිකාරී රාජ් කුමාර් මහතා, සහකාර පොලිස් අධිකාරී සුමේන්ද්‍ර මහතා දුෂණ නිවාරණ නිලධාරි ෂම්මි ශ්‍රී ලාල් මහතා හා දුෂණ නිවාරණ නිලධාරි උදේශිකා ජයසේකර මහත්මිය මෙම සාකච්ඡාවට සහභාගී විය.

ගුවන් තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සභාපතිතුමාගේ මුලිකත්වයෙන් හා එහි මෙහෙයුම්වලට සම්බන්ධ ප්‍රධාන අංශ 05ක් වන ගුවන් තොටුපළ ආරක්‍ෂාව, ගුවන්තොටුපළ කළමනාකරණය, නීති, උපායමාර්ගික කළමනාකරණය සහ ආරක්‍ෂක බුද්ධි අංශ නිලධාරීන් මිට සම්බන්ධ විය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අල්ලස් හා දූෂණ ක්‍රියාවන්ට එරෙහිව පියවර ගැනීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතින් සහය ලබා ගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී මුලිකව ම සාකච්ඡාවට බඳුන් වන ලදී. එමෙන්ම ඉදිරියේදී ගුවන් තොටුපලේ සියලුම සේවකයන් අළලා දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීමත්, ආයතනයට සුපිළිපන් නිලධාරියකු හා සුපිළිපන් කමිටුවක් පත් කල යුතු බවත් එහිදී තීරණය විය.

0309 1

0309 1

0309 1

0309 1

0309 1

0309 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search