ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යනාංශයේ සිසුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ එක්ව සංවිධානය කළ විවාද තරඟය සහ නිවාරණ වැඩමුළුව 2024.03.26 දින සාර්ථකව අවසන් විය

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන දායක කරගැනීම හා සුපිළිපන්නභාවයේ  වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සඳහා, 'අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් පවතින නීති සහ රෙගුලාසි ප්‍රමාණවත්/ ප්‍රමාණවත් නැත' යන මාතෘකාවට පක්ෂව සහ විපක්ෂව තර්ක කරමින් උද්යෝගිමත්ව සහ ඵලදායීව මෙම විවාදය පවත්වන ලදී.

මෙම අවස්ථාවට මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා, අපරාධ විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති  මහාචාර්ය ධනපාල විජේසිංහ මහතා, අපරාධ විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය කෞෂල්‍යා හේවාවසම් මහත්මිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ජනරාල් දිස්නා ගුරුසිංහ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා, දූෂණ නිවාරණ නිලධාරිනී ඉෂානි විජේසූරිය මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරිනී රුශාන්ති දිල්ශානි මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරිනී එරංගා මධුෂි මෙනවිය සහභාගී විය.

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

20 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search