නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහා පැවැත් වූ නිවාරණ වැඩසටහන

අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා රාජ්‍ය අයතනයන්හි නිලධාරීන් දැනුවත් කිරීමේ තවත් එක්  සුවිශේෂී වැඩසටහනක් 2024.03.14 වන දින නාගරික සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා පවත්වනු ලැබීය. 1553ක පමණ ප්‍රමාණයක් සේවයේ නියුතු වන මෙම ආයතනයේ  නිලධාරීන් සඳහා පවත්වනු ලබන නිවාරණ වැඩසටහන්හි, පළමු අදියරය ලෙස මෙම අධිකාරියේ ඉහළ කළමනාකාරිත්වයට අයත් නිලධාරීන් 110කට ආසන්න ප්‍රමාණයකට මෙම නිවාරණ වැඩසටහන පැවැත්වීය. මෙම වැඩසටහන තුළ දී අල්ලස හා දූෂණය වළක්වා ගැනීමේ ක්‍රමෝපායන් සහ එහි දී නිවාරණයෙහි ඇති වැදගත්කම , සුපිළිපන්නභාවය හා  2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත පිළිබඳව සාකච්ඡා කරන ලදි. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්ථානාධිපති එච්.එම්.ජී.අබේසිංහ මහතා, දූෂණ නිවාරණ නිලධාරි ශිලාමේඝ වැලිතොටගේ මහතා සහ දූෂණ නිවාරණ නිලධාරී නිපුනි තෙන්නකෝන් මෙනවිය විසින් ලබා දෙන ලදි.

 22 1

 22 1

 22 1

 22 1

 22 1

 22 1

 22 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search