ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සඳහා පැවති නිවාරණ වැඩසටහන

2024 මාර්තු 19 වන දින, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහනක් පවත්වන්නට යෙදුණ අතර එහිදී අල්ලස, දූෂණය, වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම ආදී 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අදාළ නෛතික කරුණු මෙන්ම සුපිළිපන්නබව සහ අල්ලස දූෂණයෙහි විපාක පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වන ප්‍රමුඛතම ආයතනයක් වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අල්ලස, දූෂණය, අයථා වත්කම් රැස්කිරීම ආදී නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව නැගී සිටිමින් තම කාර්ය මණ්ඩලයේ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා සංවිධානය කරන ලද මෙම නිවාරණ වැඩසටහනෙහි සම්පත්දායකයින් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉන්දික ධර්මදාස මහතා, දූෂණ නිවාරණ නිලධාරී ශම්මි ශ්‍රීලාල් මහතා සහ දූෂණ නිවාරණ නිලධාරී ඉෂානි විජේසූරිය මහත්මිය සහභාගී විය.

 23 1

 23 1

 23 1

 23 1

 23 1

 23 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search