ලංකා බැංකු කාර්ය මණ්ඩලය සඳහා පැවති නිවාරණ වැඩසටහන

ලංකා බැංකුව සිය මෙහෙයුම් තුළ විනිවිදභාවය සහ අඛණ්ඩතාව වර්ධනය කිරීම සඳහා ක්‍රියාශීලී පියවරක් ලෙස, තෝරාගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා අල්ලස් සහ දූෂණය පිළිබඳ සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් 4 වැනි දින පවත්වන්නට යෙදුණි. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මගින් අල්ලස් හා දූෂණ පිළිබඳ අවස්ථා හඳුනා ගැනීම සහ එය වැළක්වා ගැනීමේ ක්‍රියා මාර්ග, සුපිළිපන්නබව සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත පිළිබඳවත් සාකච්ඡා කරන ලදී. ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති මෙම නිවාරණ වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවිය සහ දූෂණ නිවාරණ නිලධාරී ඉෂානි විජේසූරිය මහත්මිය විසිනි. මෙරට ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයක් ලෙස තම කාර්ය මණ්ඩලය දැනුමෙන් සහ දැනුවත්භාවයෙන් සවිබල ගන්වමින් ලංකා බැංකුව මෙලෙස අල්ලස, දූෂණය, අයථා වත්කම් රැස්කිරීමට එරෙහි සටනට දායක වීම අගය කළ යුතුය.

 WhatsApp Image 2024 04 17 at 12.57.24

WhatsApp Image 2024 04 17 at 12.57.24

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search