අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරින් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවේ අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා වූ එක් දින පුහුණු වැඩසටහන

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු 99,100,101 නියාමක නිලධාරි පුහුණු කණ්ඩායම්වල පුහුණුව ලබන ලද නියාමක නිලධාරින් සඳහා ධාරිතා සංවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළු මාලාවක් 2024.04.05 දින සිට 2024.04.07 දින දක්වා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නව පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි. ඉන් 2024 අප්‍රේල් 7වන දින, බන්ධනාගාර නිලධාරින් 75ස් දෙනෙකුහට අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා එක් දින පුහුණු වැඩසටහනක් සඳහා වෙන් කර තිබිණි. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරිනී එරන්ගා මධුෂි මෙනවිය හා විමර්ශන නිලධාරී N.A. වෛද්‍යරත්න මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

 25 1

 25 1

 25 1

 25 1

 25 1

 25 1

 25 1

 25 1

 25 1

 25 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search