භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශ නිලධාරීන් සඳහා පැවති දූෂණ නිවාරණ වැඩසටහන

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය නිලධාරීන් 66 දෙනෙකු සඳහා අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහනක් 2024 මාර්තු 14 වන දින භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරිනී විමුක්ති ජයසුරිය මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරි ශම්මි ශ්‍රි ලාල් මහත්මයා හා දූෂණ නිවාරණ නිලධාරිනී එරංගා මදුෂි මහත්මිය විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුළින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනතපිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

 26 1

 26 1

 26 1

 26 1

 26 1

 26 1

 26 1

 26 1

 26 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search