කොළඹ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් සඳහා වන අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා වූ එක් දින පුහුණු වැඩසටහන

කොළඹ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවයේ නියුතු නිලධාරීන් 50 දෙනෙකු උදෙසා අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා වූ එක් දින පුහුණු වැඩසටහනක් 2024.04.02 දින කොළඹ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පරිශ්‍රයේදී පැවැත්වූ අතර, මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ සහකාර අධ්‍යක්ෂ අමා විජේසිංහ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරිනී මධුකා රුවන්ති උපාලි මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරිනී එරන්ගා මධුෂි මෙනවිය සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුළින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

 27 1

 27 1

 27 1

 27 1

 27 1

 27 1

 27 1

 27 1

 27 1

 27 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search