දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව රාජ්‍ය අංශයේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උදෙසා පැවැත් වූ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2024 අප්‍රේල් මස 29 වන දින කොළඹ 07, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්වීය.

වැඩමුළුවේ ආරාධිත දේශනයන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගරු කොමසාරිස් බර්නාඩ් රාජපක්ෂ මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ඩබ්.එම්.ආර්.බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදි. අල්ලස හා දූෂණය නීතිය, කොමිෂන් සභාවේ කාර්යභාරය ද ඇතුළුව නිවාරණ ක්‍රියාපටිපාටීන් පිළිබඳව රාජ්‍ය අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම, රාජ්‍ය අංශය තුළ සුපිළිපන්න පරිසරයක් ගොඩ නැංවීමට රජයේ නිළධරයෙකුගේ කාර්යභාරය සහ රජයක ආර්ථික අරමුණු සහ ජාත්‍යන්තර පසුබිම තුළ ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීම යන තේමාවන් ඔස්සේ මෙම එක්දින වැඩමුළුවේ දී දේශනයන් පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අමා විජේසිංහ මහත්මිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී සම්පත් ආරච්චිගේ මහතා විසින් ලබා දෙන ලදි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන යුක්තිය සඳහා වූ සහය ව්‍යාපෘතිය (JURE) මගින් මෙම වැඩමුළුව සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදුනි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ඉෂානි විජේසූරිය මහත්මිය සහ ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

28 1

28 1

28 1

28 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search