බන්ධනාගාර නිලධාරින් උදෙසා වන ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවේ අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා වූ එක් දින පුහුණු වැඩසටහන

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නව පුහුණු මධ්‍යස්ථානයේ දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු 99,100,101 නියාමක නිලධාරි පුහුණු කණ්ඩායම්වල පුහුණුව ලබන ලද නියාමක නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළු මාලාවක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. එම වැඩමුළු මාලාව තුළ, බන්ධනාගාර නිලධාරීන් උදෙසා අල්ලස් හා දූෂණ නිවාරණය සඳහා වන එක් දින පුහුණු වැඩසටහනක් 2024 මැයි 08 වන දින පැවැත්විණි.

"සුපිළිපන්නභාවය" සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන හා ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත් මෙම වැඩසටහන තුළ දී දැනුවත් කිරීම සිදු කරන ලදි. වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් පරීක්‍ෂක යූ.පී. වික්‍රමාරච්චි මහතා හා දූෂණ නිවාරණ නිලධාරිනී J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය විසින් ලබා දුන් අතර, විමර්ශන නිලධාරී ප්‍රදීප් අමරජීව මහතා විසින් තාක්ෂණික සහාය ලබා දෙන ලදී.

29 1

29 1

29 1

29 1

29 1

29 1

29 1

29 1

29 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search