හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) සේවක මණ්ඩලය සඳහා පැවති දූෂණ නිවාරණ වැඩසටහන

හැටන් නැෂනල් බැංකුවෙහි, බැංකු කළමණාකරුවන් හා විධායක ශ්‍රේණියේ නිලධාරින් සඳහා නිවාරණ වැඩමුළු මාලාවක් සංවිධානය කර ඇති අතර, ඉන් පළමු වැඩසටහන 2024 මැයි මස 14 වන දින, හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) නිලධාරීන් 50 දෙනෙකු සඳහා එහි ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදි.

මෙම වැඩසටහනේ දී පුද්ගලික අංශයේ දූෂණය වැළැක්වීම හා ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු, සුපිළිපන්නභාවය යන සංකල්පය සහ නව දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරන ලදි. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දිස්නා ගුරුසිංහ මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරිනි J.L.A උදේශිකා මධුභාෂනි මහත්මිය සම්පත්දායකත්වය ලබා දෙන ලදි.

30 1

30 1

30 1

30 1

30 1

30 1

30 1

30 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search