අනුරාධපුර සමෘද්ධි කළමණාකරුවන් සඳහා පවත්වනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීම අරමුණු කරගනිමින්, අනුරාධපුර සමෘද්ධි කළමණාකරුවන් සඳහා පවත්වනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 මැයි මස 08 වන දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීය. අනුරාධපුර දිස්තික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්.ඒ.වසන්ත මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන පැවැත් වූ අතර, නිලධාරීන් 118ක පමණ පිරිසක් මේ සඳහා සහභාගී විය.

සුපිළිපන්නභාවය, නව දූෂණ විරෝධී පනත, දුෂණ සංජානන දර්ශකය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් යන තේමාවන් ඔස්සේ මෙම වැඩසටහනේ දේශනයන් පවත්වනු ලැබීය. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය, එම්.ඒ.ආර්.දිල්ශානි මිය සහ එරංගා මධුෂි කුමාරි මෙනවිය විසින් ලබා දෙන ලදි.

WhatsApp Image 2024 05 30 at 08.35.13
WhatsApp Image 2024 05 30 at 08.35.13

Search