සුපිලිපන් රාජ්ය සේවයක් උදෙසා පවත්වනු ලබන රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස මාතර මහනගර සභාවේ නිලධාරීන් පනහක් සහභාගී කරගනිමින් අල්ලස හා දූෂණය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2025-02-24 වන දින නගර සභා පරිශ්රයේ දී පැවැත්වුණි. මෙහි දී අල්ලස හා දූෂණයෙහි විපාකයන්, අල්ලස දූෂණය සම්බන්ධ නීතිමය තත්ත්වය, රාජ්ය නිලධාරින් වශයෙන් අල්ලසට විරුද්ධ වීම , අල්ලස් හා දූෂණය සම්බන්ධයෙන් පැමිණිලි කරන ආකාරයන් සම්බන්ධව හා අල්ලස දූෂණය ශ්රී ලංකාවෙන් මුලිනුපුටා දැමීම සම්බන්ධව ගතයුතු ක්රියාමාර්ග පිලිබඳව දැනුවත් කරන ලදී.