ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගමේ නිලධාරීන් සඳහා වන අල්ලස් හා දුෂණය නිවාරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියරෙහි තවත් වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 23 වන දින ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) (පුද්ගලික) සමාගම් ශ්රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා එම ආයතනයේ ආරක්ෂක අංශයේ නිලධාරින් 80ක පමණ ප්රමාණයක් සහභාගී වීය.







