ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) මගින් සංවිධානය කරන ලද නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් සංවිධානය කරන ලද “ආයතනික රාමුව තුල රාජ්‍ය අංශයේ සුපිලිපන්නභාවය ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ II ශ්‍රේණියේ (2013 බඳවා ගන්නා ලද) නිලධාරීන් සඳහා වූ නිවාරණ වැඩසටහන 2025 පෙබරවාරි මස 06 වැනි දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරිනී උදේශිකා ජයසේකර මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරිනී චමෝදි ජයසිංහ මහත්මිය සම්පත්දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, එහි දේශීය හා අන්තර්ජාතික වැදගත්කම පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

11 1

11 1

11 1

11 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search