2025.02.07 වන දින ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ ම‍ගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් දැනුවත් කිරිමේ නිවාරණ වැඩසටහන

පොදු මගී බස් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අල්ලස හා දූෂණය තුරන් කිරීම පරමාර්ථ කරගනිමින් අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් පවතින නීතියපිළිබඳ දැනුවත් කිරීමේ මෙන් ම සුපිළිපන්නභාවය පිළිබඳ දැනුවත් කිරීමේ තවත් එක් නිවාරණ වැඩසටහනක් 2025.02.07 වන දින පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ ම‍ගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් 38 පමණ පිරිසක් සහභාගී වූ අතර, බැස්ටියන් මාවත පිහිටි ජාතික ගමනාගමන කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීය.

මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ ම‍ගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිතුමන් ,ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂතුමිය, ඇතුළු තවත් පිරිසක් ද සහභාගී වූ අතර, වැඩසටහන සඳහා සම්පත්දායකත්වය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය සහ එන්.විමුක්ති ජයසූරිය මහත්මිය විසින් ලබාදුනි.

12 1

12 1

12 1

12 1

12 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search